hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 22, ප.ව. 1:17



නව පරපුරේ ගායකයෙක් වන නදීර නෝනිස් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.

රජිව් සෙබස්තියන්ගේ ගීතයක් නදීර නෝනිස් සහ ඔහුගේ ආදරණිය දියණිය අවුරුදු වැඩසටහනක දී ගායනා කරපු සිදුවීම නිසා පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ගැන දැඩි කතාබහක් ඇති වුණා.

බොහෝ දෙනෙක් නදීරගේ දියණියගේ දක්ෂතාවය අගයන්නත් අමතක කළේ නැහැ.

පසුගිය දා එක්තරා වැඩසටහනකට නදීර නෝනිස් සහ ඔහුගේ ආදරණිය දියණිය සහභාගී වුණා.

ඒ අවස්ථාවේ නදීර ආදරණිය දියණිය ගැන මෙසේ කියා සිටියා.

“ඇත්තටම මට දෝණි ගැන කියන්න තියෙන්නේ ඇත්තට මට ගොඩක් ආර්ථික අපහසුතා ගොඩක් ප්‍රශ්න තියෙද්දී තමයි දුවව හම්බුනේ. අයියා ගොඩක් සැප වින්දා ජේසන්. මට රැකියාව එක කාලෙක නැතුව ගියා. ඒ කාලේ තමයි දුවව හම්බුනේ. ඉතින් ඒක හින්දා වෙන්න ඇති. එයාට පුදුම විදිහට මගේ හිත තේරෙනවා. මට දුකක් දැනුනහම එයාට තේරෙනවා. මරියා කියන්නේ සමහර විට සමහර අය හිතනවා ටිකක් ආඩම්බරයි එහෙම චරිතයක් කියලා. එහෙම නෑ. එයා කිව්වේ එයත් එක්ක කතා කෙරුවොත් කතා කරනවා. ඉතින් මේ දැන් ඊයේ පෙරේදා මායි වයිෆුයි, දැන් මායි සිගිතියි දන්නේ නැහැ. සපත්තුවේ මෙන්න මෙහෙම රුපියල් දෙකක් වගේ හෙන ලොකු හිලක්.

මම ඇහුවා ඔයා ඕක දැක්කේ නැද්ද? මම දැක්කාලු. මං ඉතින් ඔයාට ගහනවද? ගානක් නෑ. යට අඩිය පේන් නෑනේ. මේස් එකත් පේනවා. බෑග් එක කැඩිලා තනි අතින් අල්ලගෙන යනවා. මං ඇහුවා. ඕක නෑ අවුලක් නැහැලු. පන්තියේ සමහර යාළුවෝ ඒ අන්ඩ කඩලා මෙහෙම ස්ටයිල් එකට අරගෙන එනවලු. ඒ වගේ හරිම සිම්පල් ළමයෙක්. ඒ කියන්නේ මේ මං හරි ආසයි ඒකට. මං ආසයි මේ මේ විදිහටම ඉන්නවා නං. අයියා ටිකක් සීරියස්. මෙයා වගේ නෙමෙයි. ඒ කියන්නේ සමහර වෙලාවට මමත් ගොඩක් සමහර ප්‍රශ්න වලට කලබල වෙනවා. තාත්තේ ඇයි ඔයා ඇයි ඒ? එහෙම කලබල වෙන්න එපා. එහෙම කියන්න තරම් පොඩි වුණාට මාර ශක්තියක් තියෙන අපිට වඩා ගොඩාක් හොඳ අදහස් තියෙන දරුවෙක් මරියා කියන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: