hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 03, පෙ.ව. 12:08



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරූපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

නිල්මිණි තෙන්නකෝන් පුවත්පතට මේ විදිහට කියලා තිබුණා.

“මධු මම මහමෙරක් තරමට ආදරය කරපු මගේ ආදරණීය පෙම්වතා. පසු කාලෙක ස්වාමියා. ශ්වේතාගේ තාත්තා. මේ පුංචි පවුල ඇතුළේ මේ බැඳීම රැකගන්න මම හරියට උත්සාහ කළා. ඒත් මොකක්දෝ කුණාටුවක් ඇවිත් අපේ කැදැල්ල බිලි ගත්තා. අදටත් මම ඒ අතීතයට ආදරෙයි. මධුයි මමයි ආදරේ කරපු හැටි විවාහ වූ හැටි දන්නේ අපි දෙන්නා විතරයි. පවුල් ජීවිතේ හැල හැප්පීම් ඇති වූ නිසයි අපි වෙන් වුණේ. නයි පොළොංගු වගේ ගහ මරාගෙන කොහොමද එකට ජීවත්වෙන්නේ. ඒත් දැන් ශ්වේතා ලොකු ළමයෙක්. මගේ කෙල්ලට එයාගේ තාත්තාගේ ආදරය ළඟ ඉඳන් ලබා දෙන්න නොලැබීම ඇත්තටම මට දුකයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: