hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 20, පෙ.ව. 10:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.

පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.

නමුත් කොච්චර ආදරෙන් හිටියත් ඉඳහිට අඬදබර වෙනවා.

ඒක පෙම්වතුන්ගේ විදිහ.

ඉතින් පියුමිගෙයි පෙම්වතාගෙයි මීය පෙරත් ඒ වගේ රණ්ඩු සරුවල් ඇති වුණා.

ඒවා සමාජ මාධ්‍යවලත් ඔවුන් පළ කරපු නිසා ඒ ගැන හැමෝම කතා කළා.

මාතකදි පියුමිට රාත්‍රියේ යළුවන් එක්ක සමාජ ශාලාවකට ගිය විටෙක ඇගේ පැරණි පෙම්වතා වෙනුරව මුනගැහුනා කියලා පියුමි සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

මේ කාලයේදීම ඇගේ පෙම්වතා ප්‍රගීත් ඇයත් එක්ක තරහා වෙලා ගෙදරින් ගිහින් තිබුනා.

ඒ වෙනුරව මුනගැහුනු නිසාද කියලා නම් දන්නේ නැහැ.

පි‍යුමි ඇගෙ පෙම්වතා එක්ක ඔහුගේ නිවසට ගියාම අපූරු දෙයක් දකිනවා.

ඒ ප්‍රගීත් තරහා වෙලා එද්දී ඇඳුම් වගේම ක්‍රීම් ටිකත් මතක ඇතුව අරන් ඇවිත් කියලා.

ඒ ගැන පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ට්‍රෝටීස්වල වීඩියෝවක් පළ කරමින් මෙන්න මෙහෙම කියනවා….

“මම මහත්තයාගේ ගෙදර ආවා. මගේ මහත්තයා තරහා වෙච්ච ගමන් එයාගේ ගෙදර යනවනේ. වෙන මිනිස්සු තරහා වෙලා යද්දි අරන් යන්නේ ඇඳුම් විතරයි. ඒත් මෙයා යද්දි ඇඳුම් එක්ක ක්‍රීම් ටිකත් අරන් ඇවිත්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: