hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 28, පෙ.ව. 12:02



නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පියුමි කවදත් පිරිසකගේ විවේචනයටත් තවත් පිරිසකගේ පැසසුමට ලක්වුණු චරිතයක්. අන්න ඒ කොටස් දෙකටම අයිති පිරිස් මේ දවස්වල පියුමිව මාතෘකාව කරගෙන ඉන්නා අයුරු දැකිය හැකියි.

එහෙම ලියවෙන සටහන් අතරෙ, පළවන අදහස් අතරෙ ඇස ගැටුණු සුවිශේෂී සටහනකි මේ. සටහන තබා තිබුණේ ජනප්‍රිය ඡායාරූප ශිල්පි හෂාන් පන්නිල විසින්.

”පියුමි හංසමාලි ගැන පොඩි දෙයක් කියන්නම්.

පට්ට විදියට මහන්සි වෙලා එයාගෙම බිස්නස් එකක් පටන් ගෙන තව මනුස්සයෙක්ව ලස්සන කරන්න ක්‍රීම් බිස්නස් එකක් කරන,

ඒක ගැන ඉගෙනගෙන පියුමිගෙ මහත්තයාගෙනුත් උදව්වෙන් එක්සෑම් කරලා ගේමක් ගහලා,

අහිංසක සත්තුන්ගෙ බඩගින්න අහිංසකයන්ගෙ ජීවිත බේරගෙන,

එයාගෙ බිස්නස් එකත් බ්‍රෑන්ඩ් එකක් කරගෙන ඉස්සරහට යන චරිතයක්.

ලංකාවේ වැඩිම ෆලෝවර්ස්ලා ඉන්න ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එක.

ලෝකයක් දන්න චරිතයක්.

එහෙම පියුමිට ලෝකෙම දන්න බිස්නස් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්න බැරිද.

දියුණු වෙන්න ලෝකයක් දන්න තරමටම….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: