hit counter

2024 පෙබරවාරි මස 23 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 12:08



කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. 

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. 

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

පසුගිය දවසක අමායා, පියුමි හංසමාලිගේ සමාජ ශාලාවක් විවෘත කරන කටයුත්තට එකතු වෙලා හිටියා.

ඒ අවස්ථාවේ ඈ පියුමි ගැන කිවුවේ මේ වගේ කතාවක්.

“පියුමි හංසමාලි කියන්නෙ අමුතුම විදිහේ තරුවක්, මම පර්සනලි එයාට හරි කැමතියි. මම එයාව අගය කරනවා. මඩ ගහන එක හැටිනේ ඉතින්. අපි නිකන් හිටියත් මඩ ගහනවා. ලස්සනට ඇන්ඳන් මඩ ගහනවා. ඔන්න දැන් පියුමි නයිට් ක්ලබ් දාපු එකටත් මඩ ගහයි. ඇත්තටම මේවාට එන්න බැරුව පසුතැවෙන අය තමයි මේවා කරන්නෙ. මම නම් මඩ පිළිගන් නෑ. මම හිතන්නෙ පියුමිත් එහෙමයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: