hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 09, පෙ.ව. 1:46



නිරූපන ක්ෂේත්‍රය ගත්තම අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි පියුමි හංසමාලී කියන්නේ.

කා ඉදිරියෙත් ඇත්ත කතා කරන බොරුව ගෑවිලාවත් නැති කෙනෙක් විදියටත් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්නවා.

ඉතින් මියුසික් වීඩියෝවලත්, රංගනය තුලත් පියුමිව අපිට දැක ගන්න ලැබුණා.

ඉතින් පියුමි එක්තරා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් දේශපාලනය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

“ඒක ඒක ගොඩක් අය මගෙන් අහන දෙයක්. නැහැ. අ. කවදාකවත්ම ඒක කරන්නේ නැහැ මම මොකද අපි දැන් මේ ඉන්න අය බැලුවම පාර්ලිමන්ට් එකට ගිහිල්ලා ජනතාවට සේවයක් ගොඩක් අය කරන්නේ නැහැනේ. ඇත්තටම නැහැනේ. එතකොට මම පාර්ලිමන්ට් යන්නේ නැතුව මම දැන් ඔයාට කිව්වා වගේ මම මගේ ෆෝන් එක පෙන්නුවොත් මේ ලංකාවේ මිනිස්සු පිස්සු හැදෙනවා. මම එච්චර ගොඩක් උදව් කරනවා. මට සෝෂල් මීඩියා මම එකයි, දෙකයි දාන්න. ඉතින් එච්චර ගොඩක් මගේ මේ මේක දැක්කොත් බෙල්ල කැපිච්ච හරක් පැටවුන්ට බෙහෙත් කරනවා.

සත්තුන්ට මේ මං සල්ලි වියදම් කරන්නේ. පාර්ලිමන්ට් එකේ ඉන්න කෙනෙක්වත් මේ ලංකාවේ කිසිම කෙනෙක්, ඇක්ට්රස් කෙනෙක්, මොඩල් කෙනෙක් මං හිතන්නෑ කවුරුත් මේ දේවල් කරයි කියලා. කිසිම කෙනෙක් නෑ. නිකන් ගිහිල්ලා මේ පාරේ ඉන්න සතෙකුට බත් එකක් දීලා පින්තූරයක් දායි. මේ වගේ දේවල් කරන්නේ නැහැ කවදාකවත්. එතකොට පාර්ලිමන්ට් එකේ ඉන්න අය පාර්ලිමන්ට් එකට යන්නේ ජනතාවට සේවයක් කරන්නම ද? ඡන්දේ ලං වෙනකොට ගෙයක් ගෙයක් ගානේ යනවා. පාරවල් මේ ළඟදි කොහේ හරි ආධාර දෙන්න ගියා දුර ගමකට. මේ වාහනේ ගන්න කලින් ගියේ බී එම් එකේ. පල්ලෙහා පාර ඔක්කොම කැඩිලා. ඊට පස්සේ ඒ වයසෙම අන්කල් කෙනෙකුත් ඇවිල්ලා කුණුහරුපෙන් බැන්නා මෙහෙ. ඒ පැත්තේ ඇමතිගේ නම කියලා වරෙන්කෝ. මූ ඌව කොටනවා. මුන් ඡන්දේ දෙනවා ඇවිල්ලා. මේ මොනවද ඒකට දාන්නේ? මේ තාර දාලා ගිහිල්ලා. ඒක කැඩිලා. ඊට පස්සේ වතුර බටේකුත් කැඩිලා. මනුස්සයා කුණුහරුපෙන් කෑගැහුවා. මිස් පුලුවන් නම් හදලා දෙන්න. මේ අරූ වරෙන්කෝ මේ පාර. මන්නෙන් කොටලා යවන්නේ කියලා.

ඡන්දේ ලං වෙනකොට ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ඒ දේවල් කරනවා. ඉතින් ඒ වගේ ඡන්දේ දුන්නමත්, ඉතින් පිහිට වුණොත් ඒගොල්ලන්ට හෙන ගහන්නේ නැහැනේ. මිනිස්සු අසරණ මනුස්සයෙක්ට පිහිට වුණොත් ඒ පිහිට වෙනවට වැඩිය දහගුණයක් අපිට ලැබෙනවා. මේ අනේ මට ඔය කෑ ගගහා ඉද්දි කුණුහරුප කිව්වොත් එහෙම ඒ හින්දා මට බෑ. ඒ හින්දා මම යන්නේ නෑ. මම යන්නේ නෑ. මම යන්නේ නැතුව මම මිනිස්සුන්ට උදව් කරනවා. පාර්ලිමන්ට් යන්නේ නෑ. මොකද ඕවා ස්ටේජ් වල ගිහිල්ලා කතා කියවන්න. ඒවා මම දන්නේ නැහැනේ. මම විහිළුවෙන්. ඔය ඉන්න කෙනෙක්නේ. ඉතින් ඕවා නිකන් ස්ටේජ් එකට ගිහිල්ලා කතා කරලා ප් රෝග් රෑම්ස් වලට ගිහිල්ලා ලැජ්ජ වෙනවට වැඩිය ඇත්තටම හොඳයි මේ ඉඳගෙන මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්න එක. මම හිතන්නේ. ඒක තමයි හොඳම දේ. බොරුවට චුට්ටක් ෆේමස් වුණා කියලා සාරියක් ඇඳගෙන ස්ටේජ් එකේ ගිහිල්ලා. අනේ අම්මේ, තාත්තේ කියලා බොරුවට බයිලා ගහලා එනවට වැඩිය සල්ලි ටිකක් හම්බ කරලා අහිංසක මිනිස්සුන්ට උදව් කරන එක පින් නැද්ද කියන්නකෝ. ඒක කොච්චර පිනක්ද?”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: