hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 10, පෙ.ව. 6:22



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි ඇගේ දෙවැනි වාහනය මිලදී ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. 

රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් තමයි ඇය මිලට ගෙන තිබුණේ.

පියුමි වාහනය මිලදී ගන්නා අවස්ථාව සහ එය මිලට අරගෙන ඇගේ පෙම්වතා, මව සහ පුතා සමඟ යන වීඩියෝ පට සහ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍යවල ඊයේ පළ කරලා තිබුණා.

ඒත් සමඟම පියුමි අලුතෙන්ම මිලටගත් රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයේ මීට පෙර අයිතිකරුවා ගැන ආන්දෝලනාත්මක අනාවරණයක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.

ඒ ඇය මිලදී ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කළ ජීප් රථය බවයි.

සමාජ මාධ්‍යවල සංසරණය වුණු කටකතා ගැන පියුමි පිළිතුරු දීලා තිබුණා.

ඒ ඇය මිලට ගත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කළ ජීප් රථය බව ඇය තහවුරු කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: