hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 18, පෙ.ව. 4:43



පියුමි හංසමාලි කියන්න සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් ම ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක්වෙච්ච චරිතයක්. ඒ වගේම කාලයක් පියුමිට හැමෝම බනින්න පටන් ගත්තා. හැබැයි දැන් දැන්නම් ගොඩක් අය පියුමිට හොඳ කියනවා. එකපාරම මේ විදිහට සිද්ද වෙන්න හේතුව තමයි ඇය ගොඩක් වෙලාවට තමන්ගෙ ජීවිතයේ තමන්ට සංවේදීතාවක් දැනුනු සෑම අවස්ථාවකදීම සතා සිවුපාවන්ට ඒ වගේම මිනිස්සුන්ට උදව් උපකාර කරන්න සූදානම් වෙන නිසා.

ඒ නිසාම ගොඩක් දෙනෙක් පියුමිට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ කරන උදව් උපකාරවලට.ඇය පාර දෙපැත්ත එන්න අසරණ සුරතල් සතුන්ට කෑම බීම සහ අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා.ඊට අමතරව අසරණ වෙලා ඉන්න දුගී දුප්පත් ජනතාවට මිල මුදලින් උදව් උපකාර කරනවා.

ඒ සියලුම දේවල් අය කරන්න පටන් ගත්තේ ඒ ඇයගේම ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් රූපලාවණ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කළාට පස්සේ.ඇය මුහුණ පැහැපත් වීමේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරනවා.බොහොම වගකීමකින් යුක්තව කරන වැඩක් කියලා තමයි පියුමි සෑම අවස්ථාවකදීම ඒ ගැන සඳහන් කරලා තිබුණේ.

ඉතින් ඉස්සරට වඩා දැන් ඇයගේ ආර්ථික තත්වය හොඳ නිසා නිතරම අනුන්ට පිහිට වෙන්න අය උත්සාහ කරන නිසාත් පසුගිය දවසක සුසන්තා චන්ද්‍රමාලි නැමති ජනප්‍රිය රංගන ශිල්පිනියට උදව් කරන්න ඉදිරිපත් වුණා.හැබැයි ඇය කියන විදිහට අයත් කොයිතරම් දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ගත්තත් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.එනිසා ඇය වැඩේ අත ඇරලා.

හැබැයි පසුගිය දවසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය නැවතත් පිළිකා මේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා කියලා දැනගෙන ඇයට අවශ්‍ය කරන සියළුම ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය පහසුකම් සැලසුවා. ඒක දැකපු පියුමි තමන්ගෙ දුරකථන ඇමතුම් වලට උත්තර නොදුන් සුසන්තා චන්ද්‍රමාලි වෙනුවෙන් මුහුණු පොත හරහා සටහනක් ඉදිරිපත් කලා.

ඇය ඒ ආකාරයෙන්  ඉදිරිපත් කරපු සටහන පහතින්,

“හා මෙක තමයි හෙතුව එහෙනම කාමක් නැ sis ඔයාට කොම හරි බෙහෙත් ටික ලැබුනානෙ මට එඇති. අනෙ මම චන්දෙ ඉල්ලන කෙනෙක් වත් ඉල්ලන්න ඉන්න කෙනෙක් වත් නෙවෙයි.අසනිප නිසා පිහිට වෙන්න හැදුවෙ ඔයාට හො ඔයාගෙ සැමියට තිබුනා.මනුස්ස කමට හරි මට කතා කරලා කියන්න තිබුනා අනෙ දුවෙ අපිට සජිත් සර් ගෙන් උදව් ලැබුනා.ගොඩාක් පිං ඔයාට මට පිහිට වෙන්න හිතුන එක හරි කියලා එත තමයි මනුස්ස කම කියන්නෙ.මම ඔයාගෙ හස්බන්ගෙ දුරකතන අංකයත් news papers වලින් සොයාගෙන කතා කර.එයාත් නො answer it’s ok .ඉක්මනට හොද වෙන්න.ජිවිතෙට මෙ filed එකට සම්බන්ද කිසි කෙනෙකුට මින් මනතට පිහිට වෙන්නෙ නැ.පාරෙ හොරිකඩ හැදුනු සත්තුන්ට පිහිට වෙනවා.it’s me Piumi Hansamali”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: