hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 07, පෙ.ව. 11:44



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.

ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

මෙවරත් ඔහුගේ උපන්දින සාදය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ මොනාක් ඉම්පිරියක් හෝටලයේ.

ඒ සඳහා නළු නිළියන් වගේම විවිධ ක්ෂේස්ත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගී වී තිබෙනවා.

එහිදී සිදු වූ විශේෂ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය එම උත්සවයට සහභාගී වී මොඩ්ලින් කරපු ආකාරය ගැනයි.

ඒ සඳහා බොහෝ දෙනෙක් අදහස් දක්වමින් සඳහන් කළේ ඇය නිරහංකාරව ඒ සඳහා සහභාගී වූ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: