hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 05, පෙ.ව. 3:10



පුෂ්පිකා දී සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.

රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.

නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.

ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.

ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.

ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.

සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්ධියටත් පත්වූවා.

කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.

ඇය සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක් බව ඔබ හොඳින්ම දන්නවනෙ.

ඒ ඇය තබන සටහන් සහ ඡායාරූප නිසාවෙන්.

ඔන්න ඉතින් ඒ විදියට ඇය ආදරේ ගැන තබන ලද අපූරු සටහනක් අපිට දකින්න ලැබුණා.

එම සටහන පහතින්,

විශ්වාස කරන්න

පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා

ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා.

කාලෙකින්…

මම ඒ ආදරය ලඟ සතුටු වුණා

පලවෙනි වතාවට මම හදවතින්ම හිනා උනා…

ඒ ආදරය තමයි “..මම..”

මම තරම් මාව දන්නෙ කවුද?

මම තරම් මාව තේරුම් ගන්නෙ කවුද?

මම තරම් මාව දරා ගත්තෙ කවුද?

මම තරම් මාව සැනසුවේ කවුද?

තනි නොතනියට මාත් එක්කම අඬලා, මාත් එක්කම හිනා උනේ කවුද?

විනිශ්චයකින් තොරව මගේ ළඟ හිටියේ කවුද?

ඒ “..මම..” විතරයි

ඉතින්

ඒ ආදරයට මම හරි ලෝබයි

මම නිදහස් කෙල්ලෙක් දැන්

මම ආදරවන්තියක්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: