hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 18, පෙ.ව. 9:21



පෙම්වතියගේ ගෙල කපා මරා දැමුවේ ඇය තමා අතහැර යනු ඇති බවට පැවති බිය නිසා යැයි කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ පෙම්වතා විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබෙනවා.

පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දමා ඇත්තේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේයි.

හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති මේ සිසුවිය මෙසේ සිය පෙම්වතාගේ පිහිපහරකින් ඝාතනය වූයේ ඊයේ (17) සවස 1.00ට පමණයි.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙක්.

වැල්ලම්පිටිය චිත්තම්පහුවේ පදිංචිකරුවකු වන ඔහු පසිඳු චතුරංග නමැති අයෙක්.

වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ආදි ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් මේ සිසුවා නමක්ද දිනාගෙන සිටින්නකු බව පොලිසිය කියයි.

“මට එයාව ඕනේ. එයා නැතිව බැහැ. මම එයාට අවංකවම හදවතින්මයි ආදරේ කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා“ මේ සිසුවාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් නිලධාරීන් හමුවේ මෙවැනි දෑ පවසමින් හඬා ඇතැයිද පොලිස් තොරතුරු සඳහන් කළා.

මේ සිසුවා විසින් සිය පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ පෙම් සම්බන්ධයක් ඇති කර ගනීවි යැයි බියකින් සිට ඇති බවත් ඒ හේතුව නිසා ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඇයට වෙනත් සිසුන් සහ පිරිමින් සමඟ කථා කිරීමටද ඔහු තහනම් කර තිබී තිබෙනවා.

“එයා මම කියපු දේවල් ඇහුවේ නැහැ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ“ යැයිද සැකකාර සිසුවා පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබෙනවා.

සිසුවියගේ ගෙල කැපූ පිහිය ඔහු විසින් වෙළෙඳසලකින් මිලදී ගෙන කල්තියාම ඇයව මරා දැමීමට සැලසුම් කරගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඝාතනය වූ සිසුවියගේ මවුපියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටිනවා.

කිරිවත්තුඩුව අඹගස් හන්දියේ ඔසුසලක් ඔවුන් මේ විට පවත්වාගෙන යයි.

ඝාතනයට ලක් වූ චතුරි හංසිකා එම පවුලේ වැඩිමල් දරුවා වන අතර ඇයට තවත් නැඟණියක් සිටින බවත් ඇය තවමත් පාසල් යන ශිෂ්‍යයාවක් බවත් ප්‍රදේශවාසීහු පවසනවා.

නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා පාසලක ඉගෙනුම ලැබූ චතුරි හංසිකා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරී පත්ව ඇත්තේ උසස් පෙළ ඉහළින්ම සමත්වයි.

ඝාතනය වූ මේ සිසුවිය යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන බවත් එය අධ්‍යාපන නාළිකාවක් බවත් ඇගේ සරසවි මිතුරෝ සඳහන් කරනවා.

සරසවි සිසුවියගේ ඝාතනයේ CCTV දර්ශන එළියට

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු කර ගත් මෙහෙයුම මෙන්න

සරසවි පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධිය: සරසවි සිසුවිය ගැන තොරතුරු රැසක් එළියට

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: