hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, පෙ.ව. 6:24



කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සැකකරුද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි වාර්තාවන්නේ.

මෙලෙස ඝාතනය කර තිබුණේ 24 හැවිරිදි හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව අදාළ සිසුවා පලායන අයුරු අසළ තිබූ සී සී ටී වී කැමරාවලද සටහන් වී තිබූ අතර, අසළ සිටි සනීපාරක්ෂක සේවකයින් දෙදෙනෙකුද එය නිරීක්ෂණය කර තිබුණා.

පසුව මියගිය සිසුවියගේ පියාගේ මාර්ගයෙන් සැකකරු පදිංචි නිවස සොයාගෙන ඇති පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයට පොලිස් කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගත්තද ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් සැකකරුගේ කාමරය තුළ තිබී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ නිවසින් පලාගොස් ඔහු පදිංචි නිවස පිහිටි වත්තේ සැඟව සිට තිබෙනවා.

ඒ, රාත්‍රී කාලයේදී කැළණි ගඟට පැන සියදිවි හානිකරගැනීමේ අරමුණින්.

කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සරසවි පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධිය: සරසවි සිසුවිය ගැන තොරතුරු රැසක් එළියට

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: