hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 18, පෙ.ව. 6:59



තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ තරුණියකගේ මළ සිරුරක් කොළඹ තුරඟ තරග පිටියේ පඩි පෙළක් මතදී අද දහවල් සොයා ගැනුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමති තරුණියක්.

තියුණු ආයුධයකින් කපා තරුණිය ඝාතනය කර තිබූ අතර ඇගේ ගෙල දෙපස කැපුම් තුවාල පැවති බව පොලීසිය සඳහන් කළා.

විශ්ව විද්‍යාලයේ දේශන අවසන් වීමෙන් අනතුරුව අද පෙරවරු එකොළහට පමණ ඇය සිය පෙම්වතා සමගින් කතාබහ කිරීම සඳහා තුරඟ තරග පිටිය දෙසට පැමිණ ඇතැයි විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඇගේ පෙම්වතාද කොළඹ විශ්ව විද්‍යාලයේ තෙවන වසරේම අධ්‍යාපනය ලබන තරුණයෙක් බවයි.

සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා තුරඟ තරග පිටිය අසලින් ගමන් ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

මිය ගිය විසි හතර හැවිරිදි චතුරී හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සිද්ධියට අදාළව සැකකාර පෙම්වතා කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මියගිය තරුණිය මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතාට යෝජනා කර ඇති අතර ඇයව වෙනත් අයෙකුට අයිති වී යැයි සිතා අදාළ තරුණයා මෙම ඝාතනය සිදුකර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“එම වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට තමයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. ඝාතනය සිදුකිරීමට භාවිතා කරනු ලැබූ ලේ තැවරුණු පිහියක්. ඒ වගේම ලේ තැවරුණු බෑගයක් අත්අඩංගුවට ගැනීමටත්, එම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබූ නිලධාරීන්ට හැකියාව ලැබුණා. ඔහුත් එම කොළඹ විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වයස අවුරුදු විසි හතරක පමණ මෙම ඝාතනය කිරීමෙන් පසුව සැකකරුත් යම්කිසි ආකාරයක සියදිවි නසාගැනීමකට උත්සාහ දරා තිබෙන බවටත් තොරතුරු ලැබිලා තිබෙනවා. නමුත් එය ස්ථිර නැහැ. ඒ නිසා තවදුරටත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.”

කොළඹ දකුණ භාර ජෙයෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත මාරපන මහතාගේ අධීක්ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක් වූ සරසවිය මිතුරියගේ වෙන්වීම දරා ගත නොහැකි මිතුරියන් සංවේදී වෙයි (VIDEO)

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: