hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 17, ප.ව. 8:17



ඝාතනය කර ඇති බවට සැක තරුණියකගේ සිරුරක් කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයේ තිබී හමු වී තිබෙනවා.

මියගොස් සිටින තරුණියගේ බවට සැකකෙරෙන ජංගම දුරකතනයක් සහ බෑගයක් ද එම ස්ථානයේ පවතින බවයි පැවසෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියක්.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී තිබෙනවා.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම තරුණියගේ ගෙළ ප්‍රදේශයේ කිසියම් කැපුම් තුවාලයක් දක්නට තිබී ඇති අතර රෝහල්ගත කළ තරුණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්  පවසා ඇත්තේ, ඇය මියගොස් ඇති බවයි.

මේ වන විට එම සිසුවියට උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැක කෙරෙන එම විශ්වවිද්‍යාලයේම ඇයගේ පෙම්වතා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේදී සිය මිතුරියගේ ඝාතනය සැල වූ වහාම විශ්ව විද්‍යාලයේ සිසුවියන් ද එම ස්ථානය වෙත පැමිණ හඩා වැලපෙන ආකාරයද දැක ගන්නට ලැබුණා.

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: