hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 16, ප.ව. 4:28



ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දීමෙන්  එක්දරු පියෙකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසනවා.

එම සැකකරුවන් දෙදෙනා ද 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක්. 

සැකකරුවන් සියලු දෙදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රංග විරාජ් ජයසිරි නැමැති 34 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය සදහන් කරනවා.

යතුරුපැදි දෙකකින් අධික වේගයෙන් ආරක්ෂක හිස් වැසුම් නොමැතිව ගමන් කරමින් සිටි සිසුන්ට ඝාතනයට ලක්වූ පුද්ගලයා අවවාද කිරීම සිද්ධියට ආසන්නම හේතුව බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු රෝහල් ගත කිරීමත් සමගම පාසල් සිසුන් තිදෙනාම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වෙළෙඳ සැල සැලක සැඟවී සිටි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගැනීමත් සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් එම සිසුවාට පහරදීමට උත්සාහ දැරූ බව පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

ඒ සමගම පොලිස්  විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: