hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 11, ප.ව. 4:28



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.

ඒ තමන්ගේ නමින් යුටියුබ් නාලිකාවක්.

ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කළා. ඒ වැඩේ අතිශය සාර්ථක වුණා.

අලුත් අවුරුද්දේ රංගන හා හා පුරා කියලා තවත් අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ Cafe R කියන වැඩසටහන.

ඒ අතරේ රංගන තවත් අලුත් වැඩක් පටන් අරන්. ඒ තනියම නෙවෙයි. ඒ සුදේව හෙට්ටිආරච්චි එක්ක.

රංගන විසින් තම යූටියුබ් නාළිකාවේ දේශපාලනමය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩසටහන මෙහෙයවන්නේ සුදේවයි.

ඉතින් ඔය වැඩ ගොන්න කරන ගමන් හා හා පුරා කියලා ආදරවන්තයින්ගේ දිනයටත් රංගන අලුත් වැඩක් පටන් අරන්.

ඒ රංගනගේ යූටියුබ් නාලිකාවේ කලා තරු පිරිවරාගෙන් ආදරවන්තයින්ගේ දිනය සමරන්න.

පෙබරවාරි 12 වන ඉරිදා පෙරවරු 10:00 ට Rangana De Silva YouTube නාලිකාවෙන් තමයි මේ වැඩේ වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: