hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04



උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය රංගනයට අමතරව දේශපාලනය කරන්න ගිහින් අනා ගත්තා කියලා කිව්වොත් හරි.

උපේක්ෂා දේශපාලනය පටන් ගැනීම නිසාම ඇයට විවේචන රැසක් එල්ල වුණා පමණක් නෙවෙයි මේ වෙනකොටත් එල්ල වෙමින් පවතිනවා.

ඒ වගේම රන්ජන් රාමනායක කියන්නෙත් දක්ෂ රංගන ශිල්පියෙක්.

ඔහුටත් දේශපාලනය කරන්න ගිහින් හිරේ පවා යන්න සිදු වුණා.

ඒ කොහොම වුණත් පසුගිය දවසක රූපවාහිනි නාලිකාවක වැඩසටහනට එක් වුණු උපේක්ෂා හඬපට ගැන නැවත වතාවක් හාරා අවුස්සලා තිබුණා.

ඒ මොහොතේ උපේක්ෂා එක්ක කරපු එකම එක දුරකතන සංවාදයක් ගැන රන්ජන් මතක අවදි කළේ මෙහෙමයි.

‘කතා කළා නේද එකක්.. ඒක කියන්නම ඔිනි එකක්. මම මතකයි උපේක්ෂා අසනීප වෙලා හිටියා‍. හොස්පිට්ල් හිටියේ. මම ඔයාට කතා කළා. කතා කරලා මං ආරාධනාවක් කරනවා. ‘අනේ නංගි, මං ඔයාට කැමතියි, ආදරෙයි!’ කියලා‍. එතකොට මෙයා කෑ ගහනවා, ‘අම්මා!! රන්ජන් අයියා මට ආදරෙයි කියනවා!, කියලා….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: