hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 26, ප.ව. 3:50



අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහු‍ගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස් වුණා.

රන්ජන් රාමනායක මහතාට ආදරය කරන අය අද දහවල් 12.00ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙහි ද පළ කර තිබුණා.

සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් පසුගිය කාලයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා.

රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට එන අවස්ථාවේදී ගත් ජායාරූප එකතුව පහතින්,

Thilina Kaluthotage Photography





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: