hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 02, පෙ.ව. 6:04



බදුල්ල ප්‍රදේශයේ පාසලක පැවැත්වූ වාහන පෙළපාලියක් අතරතුර සිදු වූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පාසල් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක් වෙනුවෙන් පැවති වාහන පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය සිසුන් දෙදෙනා 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අය වන බව සඳහන්.

අනතුරින් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, වෛද්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සඳහනක් ද කර තිබුණා.

අනතුරේ වීඩියෝවක් සිය මුහුණු පොතට එක් කළ වෛද්‍ය පාලිත සටහන් කොට තිබුණේ, “මේ සියලූම දෙනා මරන දෙකට වගකිව යුතුයි”, යනුවෙනු යි.

පසුව ඔහු තවත් සටහනක් මෙලෙස සිය මුහුණුපොතේ සටහන් කර තිබුණා.

දෙමාපියනි,ඔලුව තුල බුද්ධියෙන් පිරි මොලයක් ඇති මිනිසුනි… හදපල්ලා උමතු රෝඩ් ෂෝ වලට එරෙහි රැල්ලක් 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: