hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 11:56



බදුල්ල නගරයේ ඌව මහ විදුහල සහ ධර්මදූත මහ විදුහල අතර පැවති 74 වන මහා ක්‍රිකට් තරගයේ දෙවන දින පැවති වාහන පෙළපාළියකදී කැබ් රථයක් පෙරළී යෑමෙන් සිදුවු අනතුරින් මිය ගිය සිසුන් දෙදෙනාගේ දේහ ඊයේ (03) සවස බදුල්ල නගරයේ නිසළ අරණ පොදු සුසාන භුමියේදි එක ළඟ මිහිදන් කෙරුණා.

අනතුරින් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වසර වාණිජ අංශයේ ඉගෙනුම ලබන හාලිඇළ පදිංචි සික්කු බදුගේ හරින්ද්‍ර රුක්මාල්ද සිල්වා (18) සහ බදුල්ල හෑගොඩ පදිංචි පාසලේ ශිෂ්‍ය නායකයකු වන රවිඳු දුලක්ෂණ (18) දෙදෙනා මියගොස් තිබුණා.

පාසල් දෙක අතර ක්‍රිකට් තරගය පසුගිය 31 වැනි දින නිල වශයෙන් ආරම්භ කර ඇති අතර දෙවන දින තරගාවලිය ආරම්භ කිරීමට පෙර සිසුන් පිරිසක් නගරයේ රථ පෙළපාළියකින් ක්‍රීඩාංගණයට ගමන් කිරීමට ගත් උත්සාහය පොලිසිය වැළැක්වීම නිසා සිසුන් පිරිස ක්‍රීඩා තරග පැවති ක්‍රීඩාංගණයට යාබදව තිබෙන මල්වත්ත ක්‍රීඩාංගණයට ගොස් ඒ වටා අධික වේගයෙන් රථ පෙළපාළියක නිරතව සිටියදී අනතුර සිදුව තිබෙනවා.

මිය ගිය දරුවන් දෙදෙනාගේ මෘත දේහ 02 වැනි දින පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව ඥාතීන්ට භාර දීමෙන් අනතුරුව ඊයේ (03) නිවෙස් දෙකේ තැන්පත් කර තිබුණා.

ඊයේ (03) සවස 4.00 වෙද්දී සිසුන් දෙදෙනාගේ දේහ තමන් ඉගෙනුම ලැබු බදුල්ල ධර්මදුත මහ විදුහල අසලට ගෙනැවිත් එතැන් සිට සිසු දරුවන්, ගුරුවරුන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ කර මතින් නිසළ අරණ පොදු සුසාන භුමිය තෙක් ගෙන ගොස් එහිදී මිහිදන් කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: