hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 01, ප.ව. 4:51



බදුල්ල  ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර පැවති වාහන පෙලපාලියක කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය කියනවා.

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බදුල්ල නව ක්‍රීඩාංගණය අසල සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබුවන් බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි.

අනතුරින් බදුල්ල ධර්මදූත විදුහලේ 13වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වුණා.

රවිදු දුලක්ෂණ ජයතිලක සහ හරින්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනා මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: