hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 5:38



රටේ ඇතැම් තරුණ පිරිස් බුදු දහමට ගරහමින් ඊට විරුද්ධව වැඩ පිළිවෙලක් සිදු කරගෙන යන බව සමන්තභද්‍ර හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව කියා සිටියේ අද මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදීයි.

සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ මෙසේ පැවසූවා.

“පන්සල් පල්ලි වලට තමා ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන්නෙ. මේ ඉඩම් අපි එක එක සංවර්ධනය කරන්න අපි මොඩල් එකක් හදලා තියෙනවා.මං හැමෝටම ආරධනා කරනව උමංදාව බලල අපි ජාතියට හයියක් වෙමු.”

ඉදිරි ජනාධිපතිවරණයට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසු පැනයකට උන්වහන්න්සේ මෙසේ පිළිතුරු දුන්නා.

“ජනාධිපතිවරණයට එන්නත් රටක් තියෙන්න එපැයි. මහණ වෙලා මං අවුරුදු විසි ගාණක් වෙනවා, ඒ විසි ගානෙම අහපු ප්‍රශ්ණයක් තමා මේ පාර ඡන්දෙට එන්නේ නැද්ද? තාම උත්තරේ නෑ කියන එක. කිසිම ආගමකට බණින්න ඕනෙ නෑ. අපි මත හදන්න ඕනේ. මත හැදුවෙ නැත්තම් අපි ලොකූ ඛේදවාචකයකට මුහුණ දෙනවා. මහා නැවක් මුහුදෙ එක තැනකින් හිල් වෙලා පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවා වගේ අපි ගිලෙනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. මේකට උත්තර එපැයි. හැම ප්‍රශ්නෙකටම උත්තරේ දේශපාලනෙ නෙමෙයි. මිනිස්සු සාමූහිකව ගොඩ නැගෙන්න ඕන. අපේ දෙශපාලනේ තියෙන්නෙ හැමෝත් එක්කම සුහදව කතාබහ කරන එක. මම නම් කැමතියි අර මහා සම්මත රජ්ජුරුවෝ පත් කරපු ක්‍රමේට.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: