hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 05, පෙ.ව. 2:32



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

හැබැයි සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක් මෙ ආදර මේ අතර සම්බන්ධතාවයට නොයෙකුත් දේවල් කියලා තිබ්බා.

එක්තරා පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සමිතා ගොසිප් ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.

“මම දකින්නේ ගොසිප් කියන දේත් අපිට වැදගත්. ගොසිප් නැත්නම් අපි ෆේල්. මොකද අපි ගැන කවුරුත් කතා කරන්නේ නැත්නම් අපිව වැඩක් නැහැ කියන එකනේ කියන්නේ. අපි ගැන කතාකරන තරමට හොඳයි. මොනවා හරි දෙයක් තියෙන නිසානේ අපි ගැන කතා කරන්නේ. එතකොට ගොසිප් හදන, අපි ගැන හොයලා බලන ඒ අයත් කරන්නේ රස්සාවක්නේ. ඒ නිසා ඒ අයගේ රස්සාවටත් අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා මම කවදාවත් මම එයාලට වෛර කරන්නේ නැහැ. මට ආදරේ කරනවා නම් සිය දෙනෙක් ඒ අතරට ගොසිප් කරන දෙන්නෙක් තුන්දෙනෙක්වත් මට ඉන්නත් ඕනේ. එහෙම නේද? ඒ නිසා මට ආදරේ කරන අයට වගේම මට වෛර කරන මට බනින අයටත් මම ආදරෙයි. මොකද ඒ අය කවදාවත් මාව දැකලා නැති මගේ මූණට හම්බවෙලා නැති කවදාවත් වචනයක්වත් කතා කරලා නැති අය. නමුත් එයාලගේ වැඩ පාඩු කරන් කවුරු හරි කියපු දෙයකට මට බනිනකොට ඒකෙත් පොඩි ජොලියක් තියෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: