hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 12:02



වර්තමානයේ බොහෝ දෙනෙක් අතර අතිශයින් ජනප්‍රිය වෙච්ච ගීතයක් තමයි පියත් රාජපක්ෂගේ බඳිමු සුදා කියන ගීත නිර්මාණය.ගමේ ලස්සනම ලේලි කියන පද පේළි අහපු සැණින් එසෙනින්ම බොහෝ දෙනෙක් මේ ගීත නිර්මාණය අඳුරනවා.

පියත් රාජපක්ෂ කියන්නේ නව පරපුරේ ගායකයෙක් නිසා නිතරම අලුත් විදිහට තමයි හිතන්න පතන්න පුරුදු වෙලා තියෙන්නේ.ඉතින් නිකන් හිත හිත ඉන්න අවස්ථාවකදී තමා ඔහුගේ ඔලුවට මේ කවි සංකල්පනාව වැටෙන්නේ.ඊට පස්සේ ඔහු විසින් මේ ගීතයට සුදුසු සියලුම දේ සකස් කරනවා.

ගීතයේ රූප රචනාවට පෙනී ඉන්නේ පියත් සහ ඔහුගේ ආදරණීය පෙම්වතිය වන සඳනි.ඉතින් ඇයත් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය කලාකාරිනියක්.ඇත්තටම ගමේ ලස්සනම ලේලි කියන ගීතය ලියවුනේ ඇය වෙනුවෙන්ද කියල අහපු අවස්ථාවකදී පියත් කිව්වේ මේ වගේ කතාවක්

“අනිවාර්යෙන්ම ගමේ ලස්සනම ලේලි කියන පද පේළිය ලියවුනේ සඳනි වෙනුවෙන්.මට ඉන්නවා ලස්සන කෙල්ලක්.ඒ නිසා බය නැතුව මම ඒ පදය ලිව්වා.මම නිකං ගිටාර් එක ප්ලේ කර කර ඉද්දි තමයි මේ පදේ මගේ ඔලුවට ආවෙ.ඒ ආපු පළවෙනි වචනෙ තමයි කෝමලියා.ඇත්තටම මේ සින්දුව මෙච්චර හිට් වෙයි කියලා හිතුනේ නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: