hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 13, පෙ.ව. 12:00



සඳනි ෆර්නෑන්ඩෝ කියන්නේ මේ දිනවල තරුණ පිරිස් අතර ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

කොහොමත් තරුණයන්ගෙන් නම් ඇයට තියෙන්නේ ඉතාමත් ඉහල ප්‍රතිචාරයක්.

මේ දිනවල පියත් රාජපක්ෂගේ “බඳිමු සුදා ” ගීතය නිසා තමයි ඇය මේ දිනවල කතාබහට ලක් වී තිබෙන්නේ.

ඒ වගේම පියත්ගේ සහ සඳනිගේ ප්‍රේම කතාව ගැන බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තියෙනවා.

ඉතින් ඇය ඇයගේ විවාහය සහ පියත්ගෙන් කළා කටයුතුවලට ලැබෙන සහය ගැනත් මෙන්න මෙහෙම කියලා තිබුණා.

● පියත් සඳනි ආදර කතාව එක වහලක් යටට ගෙන එන්නේ කවදාද?

අපි තවම එහෙම දෙයක් තීරණය කරලා නැහැ. තව ටික කාලයක් ඒ සඳහා ගත වේවි.

● මේ දවස්වල පියත්ගේ අලුත් ගීතය හරි ජනප්‍රියයි?

ඔව් පියත්ගේ බඳිමු සුදා ගීතය අපි හිතුවාටත් වඩා ජනප්‍රිය වුණා. මේ වන විට මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් නරඹලා තියෙනවා.

● රඟපෑමට පියත්ගෙන් ලැබෙන සහයෝගය?

මට එයාගෙන් කිසිම බාධාවක් නැහැ. ඒක තමයි එයාගෙන් ලැබෙන ලොකුම සහයෝගය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: