hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 02, පෙ.ව. 2:45



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ.

එක්තරා වැඩසටහනකට එක්වෙමින් සාරංග පසුගිය කාලේ මෙසේ අදහස් දක්වා තිබුණා.

නැවතත් ඒ කතා බහ යළි කරළියට පැමිණියේ උමාලි තිලකරත්න රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානය ගැනීමත් සමඟයි.

සාරංග දිසාසේකර පසුගියදා දැක්වූ අදහස් පහතින්,

“සමහර අය මගේ ඉස්සර ජීවිතේ එල්ලිලා ඉන්නවා ඒ කියන්නේ මගේ අතීතයේ තමයි ඒ අය ඉන්නේ, දැන් මම මගේ ජීවිතේ ඉස්සරහට ගිහින් උමාලිත් එයාගේ ජීවිතේ ඉස්සරහට ගිහින්. පහුගිය කාලයේ උමාලිගේ අත්තම්මා නැතිවෙලා ඒ අවසන් කටයුතුවලට මමයි දිනක්ෂියි ගිහින් උමාලිගේ පවුලේ අය එක්ක කතා කරලා උමාලි එක්ක කතාබහ කරලා ආවා. අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි තාම උමාලි සහ මම ගැන කතා කරන අයට වැරද්දක් කියන්න බෑ මොකද මටයි උමාලිටයි ආදරේ කරපු ලොකු පිරිසක් හිටියා. ඒ අය කැමති නෑ අපි වෙන්වෙනවට. කොහොම වුනත් දැන් මම මගේ ජීවිතේ ඉදිරියට ගිහින් උමාලිත් එහෙමයි. අපි අපේ ප්‍රශ්න අමතක කරලා දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා. මට කැමති අය උමාලිට බනිනවා, උමාලිට කැමති අය මට බනිනවා. ඒ අය එක තැනක නතරවෙලා අපි අපේ ජීවිතවල ඉස්සරහට ගිහින් දැන් අපි හොඳ යාළුවො”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: