hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:03



මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට මෑත කාලයේ බිහිවූ ජනප්‍රියම තරුව ඔහු බව කිවහොත් වැරදි නැත.

එක්තරා කාලවකවානුවකදී අවිහිංසක පෙම්වතා වෙමින් රසික හදවත් ප්‍රේමයෙන් පුරවාලූ ඔහු ඉන් වසර ගණනකට පසුවද විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂක හදවත් දිනා ගනිමින් ඔවුන්ගේ හදවතේ ඉහළම ස්ථානය ලබා ගන්නට සමත්ව සිටින්නේය.

ශ්‍රී ලාංකික කලාවේ දැවැන්ත වෘක්ෂයන් සෙවණේ හැදී වැඩෙමින් ක්‍රමයෙන් තමන්ට අනන්‍ය වූ මාවතක් සකසා ගත් ඔහු, ටෙලි නාට්‍යයෙන් ඔබ්බට, සිනමාව, වේදිකාව හරහා මෙන්ම, ගායක, පූරක වැනි භූමිකා හරහාද සිය දක්ෂතා පෙන්වමින් සිටියි.

මේ අන් කිසිවකුත් නොව යුගයේ ජනප්‍රියම රංගන ශිල්පියා සාරංග දිසාසේකරය. 

කාලෙකට පස්සේ හිමිවුණු ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ආදරණීය බිරියගේ අතින් ලැබීම ගැන සාරංග පුවත්පතකට මෙසේ අදහස් දක්වා සිටියා.

“ඒ වෙලාවේ වේදිකාවේ සිටිය පූර්ණිකා සහ ධනංජයත් කිව්වේ ඉතිහාසයේ පළමු වතාවට. වෙන්න ඇති එහෙම දෙයක් වුණේ කියලා. දිනක්ෂිව වේදිකාවට ගෙන්නුවම මම හිතුවා මට ඒ සම්මානය නොලැබෙන නිසයි ඇයව වේදිකාවට කැ‍දව්වේ කියලා. ඉතින් සම්මානය ගැන අමතක කරලයි මම හිටියේ. දිනක්ෂිගේ අතින් සම්මානය ගන්න ලැබීම. අහම්බයක් වෙලා හෝ එය සිදුවීම ගැන සතුටුයි. මොකද මේ සියල්ලම පසුපස විශාල ශක්තියක් වෙලා ඇය සිටිනවා. ඉතිං ඇය තමයි සුදුසුම කෙනා කියලා සිතනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: