hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 ජූනි 27, පෙ.ව. 12:12



ගම්පහ බණ්ඩාරනායකයෙන් සමුගෙන නාලන්දයට යන විදුහල්පතිට හැඟීම්බර සමුදීමක් දුන් සිසුවා ගැන ඔබට අපි කිව්වා මතක ඇති.

පාසලේ සිසුන් සඳහන් කළේ එම විදුහල්පති කොතරම් දරදඬු වුණත් තමන් වෙනුවෙන් කැපවීම් සිදු කළ බවයි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති නාලන්දා විද්‍යාලට යන අවස්ථාවේ දී එම පාසලේ දරුවෙක් එම විදුහල්පතිව බදාගෙන හඬා සමුදෙන වීඩියෝවක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතා බහක් ඇති වී තිබෙනවා.

මේ විදුහල්පති කෙතරම් සැර පරුෂ වුණත් දරුවන්ගේ හිත තුළ ඔහු කෙරෙහි ඇත්තේ අසීමාන්තික ආදරයක්.

එම විදුහල්පතිගේ මාරු වීම ගැන ගම්පහ බණ්ඩාරනායක විදුහල සිය මුහුණුපොතේ පවා සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: