hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 01, ප.ව. 10:38



පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වෙනවා.

සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් සිය මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණේ ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවායි.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය 30 වනදා පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර තරගයෙන් අනතුරුව මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩකයින් හේෂාන්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.

ක්‍රීඩා පිටියේදී ප්‍රතිවාදීන් වුණත්, මේ දරුවන් පෙන්වූ සහෝදරත්වය, ක්‍රීඩාවෙන් මෙන්ම මනුෂ්‍යත්වයේ සැබෑ අරුතද ලොවට කියාපානවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: