hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 18, ප.ව. 12:17



හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතා තමාට සිසුන්ගේ මවුපියන් දීමට ගිය රුපියල් ලක්ෂ 31 ක මුදල යොදවා එම පාසලට සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යෙදූ අතර එම පුස්තකාලය ඊයේ (17) ඔහු අතින්ම විවෘත කෙරුණා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වසර නවයක කාලයක් සේවය කර ස්ථාන මාරුවක් ලැබ යන අවස්ථාවේ සිසුන්ගේ මවුපියන් රුපියල් ලක්ෂ 31 ක මුදල් ත්‍යාගයක් දීමට සූදානම් වූ අවස්ථාවේ කසුන් ගුණරත්න මහතා එය කාරුණිකව ප්‍රතික්ෂේප කර එම මවුපියන්ගෙන් ඉල්ලා සිටියේ එම මුදල යොදවා පාසලට මහත් අඩුපාඩුවක්ව පවතින සුහුරු පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු යොදන ලෙසයි.

සුහුරු පුස්තකාලය විවෘත කිරීමට ආරාධනා ලැබුවේ හිටපු විදුහල්පති කසුන් ගුණරත්න මහතාටයි.

කසුන් ගුණරත්න මහතා විදුහලට පැමිණි අවස්ථාවේ සිසුහු මවුපියෝ සහ ගුරු මණ්ඩලය ඔහු ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.

තමාට ලැබුණු ත්‍යාගය පාසලටම පරිත්‍යාග කළ  හිටපු විදුහල්පතිවරයාගේ ආදර්ශවත් ක්‍රියාව එහිදී මහත් ඇගැයීමට ලක් කෙරුණා.

කසුන් ගුණරත්න මහතා ගම්පහ බණ්ඩාරනායක ජාතික පාසලේ වර්තමාන විදුහල්පතිවරයායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: