hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 06, පෙ.ව. 12:08



රත්නපුර පැල්මඬුල්ල ප්‍රදේශයේ සිට පොලොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට නැටුම් පුහුණු කිරීමට පැමිණි ගුරුවරයෙකු දිඹුලාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14ක පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර එම දරුවා අපයෝජනය කර ඇති අතර විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම ගුරුවරු මෙම සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙසට මවුපියන්ට පවසා ඇති බවද සඳහන්.

අනතුරුව දෙමවුපියන් විසින් මේ පිළිබඳ ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් සිදු කර ඇති බව පරීක්ෂණ කටයුතු මෙහෙයවන මනම්පිටිය පොලිසිය සඳහන් කරනවා.

අදාළ ගුරුවරයා වයස අවුරුදු 45ක අයෙකු වන අතර, ඔහු රත්නපුර පැල්මඬුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් එම ගුරුවරයා කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් අනුයුක්ත කරන ලද ගුරුවරයකු බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: