hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 31, පෙ.ව. 12:02



කලා ලෝකය තුළ සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කියන මේ අංශ තුනම ජයගත්තු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.

ඒ බව ඔබට අමුතුවෙන් කියන්න ඕනි දෙයක් නෙමෙයිනේ පසුගිය දවසක අති උත්කර්ෂවත් විවාහ මංගල්‍යක් සමගින් ශලනි තාරකා  උතුම් යුග ජීවිතයට පා තැබුවා.

ඉතින් ඒ දේවල් එක්ක ආදරණීය ස්වාමි පුරුෂයා සමගයි තාමත් සතුටින් කාලය ගත කරන ශලනි අතීතයේ ටිකක් අඳුරු වුණු ජීවිතයක් තිබ්බා. ඇය එක්තරා කාල වකවානුවක තරුණයට ආදරය කරනවා.

බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔහු කලා ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටපු රංගන ශිල්පියෙක් බවත් ඔබ අපි සියලුදෙනාම දන්නවා.

හැබැයි අවාසනාවකට හරියටම කියන්න බැරි උනත් ඔහු ශලනිගේ ආදරෙන් පරාජ වෙලා ජීවිතය නැති කරගන්න තීරණය කරලා තිබුණා.

ගෙවුණු කාලයේ ඇය ගැන වඩාත් කතා කරන්න හේතු කාරණා සකසලා තිබුණේ සිය විවාහ උත්සවය.

අති උත්කර්ෂවත් අන්දමින් පැවති එය මෑත කාලයේ දක්නට ලැබුණු ආකර්ෂණීයම විවාහ මංගල්‍යයක් වුණා කිව්වොත් හරි.

ඔන්න ඉතින් පහුගිය දවසක රැෆෙලාගේ තරු කැලැන්ඩරය එළිදැක්වීමේ අවස්ථාවට එක්කාසු වෙමිනුත් ඈ ඒ ගැන මෙන්න මේ විදියට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හමුවේ කතා කරලා තිබුණා.

”ෆැෂන් කියන්නෙ එක එක්කෙනාගෙ කැමැත්ත.සමහර ගෑනු ළමයි ඉන්නවා ෆැෂන් කරන්න කැමතියි,නමුත් එයාගෙ හස්බන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි කැමති නැති නිසා එයාට කැමති විදියට තමයි ගොඩක් අය ෆැෂන් කරන්නෙ.හැබැයි මට එහෙම නෑ මගෙ හස්බන්ඩ්ගෙන්. යාළුවෙලා හිටපු කාලෙත් නෑ. බැන්දට පස්සෙත් නෑ.එයා හැම වෙලාවෙම කියන්නෙ ලස්සනට අඳින්න කියලා.මම හැම වෙලාවෙම ට්‍රයි කරනවා මට ගැළපෙන මගේ ශරීරයට ගැළපෙන තැනට ගැළපෙන දේවල් කරන්න.මම හැම වෙලාවෙම ට්‍රයි කරනවා ට්‍රෙන්ඩ් එකක් එක්ක යන්න.අපි ලංකාවේ ජීවත් වුණාට ලෝකෙම යන ට්‍ර්න්ඩ්ස් එක්ක අපි ඉස්සරහට යන්න ඕනි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: