hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 25, ප.ව. 1:29



ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය ක්‍රිකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල වශයෙන් මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළා.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව හෙළිව තිබෙන බවද ඔහු පැවසුවා.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ රංගන ශිල්පිනී ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු සමග බවද ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උප සභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා.

මේ නිසා මේ දිනවල ඔවුන් ගැන සමාජයේ කතා වෙන්නේ ඒ තරම් හොඳ දේවල් නම් නෙවෙයි.

කොහොම වුණත් ශලනි තාරකා නම් ඒ ගහන මඩ ඒවා ගනනට නොගන්නා වගක් ඇගේ සමාජ මාධ්‍ය පරීක්ෂා කරද්දි පැහැදිළි වෙනවා.

මේ අතර ශලනි තාරකාගේ මුහුණු පොතට කෙටි පණිවුඩයක් යැවූ පුද්ගලයෙක්ගේ එම කෙටි පණිවුඩය ප්‍රසිද්ධියේ ඇගේ සමාජ ජාලාවල පළ කරමින් ශලනි ටිකක් සැර කතාවක් තමයි කියල තිබුණෙ.

මේ තියෙන්නේ ශලනි පළ කරපු ඒ කතාව.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: