hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 24, පෙ.ව. 12:06



කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සි.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර “දෙවැනි ඉනිම” ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ “ඊෂා” නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වන ශනුද්‍රි – දිනේෂ් ප්‍රේම කතාව බොහෝ දෙනෙක්ට රහසක් වෙලා තිබ්බත්, දැන් නම් එහෙම නෙවෙයි.

මේ දෙන්නා එයාලගේ රහසිගත ප්‍රේම කතාව ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්න තරම් හරි පරිස්සම් වුණා.

ශනුද්‍රි ඇගේ පෞද්ගලික යූටියුබ් නාළිකාවේ ඇගේ එදිනෙදා ජීවිතයේ විශේෂ දේවල් නිතරම වීඩියෝ මඟින් ප්‍රේක්ෂකයන්ට පෙන්වනවා.

ශනුද්‍රි මෑතකදි එහෙම පළ කරපු වීඩියෝ පටයක ඇය ඇගේ පෙම්වතා දිනේෂ්ට බණින අවස්ථාවක් තියෙනවා.

හැබැයි මේ ශනුද්‍රි දිනේෂ්ට බනින්නේ ඇත්තටම නෙමෙයි ආදරේට.

ඇගේ විඩීයෝ එක කරන්න නොදී දිනේෂ් බාධා කරනවා එවිටයි ඇය දිනේෂ්ට මෙසේ බණින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: