hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 06, ප.ව. 12:22



කලා ලෝකය තුළ ලොකු කුඩා සියලු දෙනා ආදරය කරන ආදරණීය හදවත් දිනා ගත්තු දක්ෂ ගායකයෙක් තමයි ශිහාන් මිහිරංග කියන්නේ.

ඔහු සම්බන්ධයෙන් ආයේ අමුතුවෙන් ඔබට කියන්න ඕනෙ නැහැ.

එදා රියැලිටි  වේදිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහුට එදා වගේම අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.

බොහෝ අවස්ථාවන්වල දී පවතින අදූරදර්ශී පාලනය වෙනුවෙන් ඔහු තනිවම රූපවාහිනී මැදිරි තුළ දී හඬ නගලා තියෙනවා.

ඒ වගේම අසරණ ජනතාවට පිහිට වෙලා තියෙනවා.

ඉතින් ඔහුගේ මේ හිත හොඳ ගතිය අයුතු විදිහට විදියට ප්‍රයෝජනයට ගත්ත කීප දෙනෙක් ඔහු නමින් අමුතුම මුදල් වංචා සහගත ක්‍රියාවක නිරත වෙලා ඉන්නවා කියලා ආරංචි වෙනවා.

ශිහාන් මිහිරංග ට මේක හම්බ වෙන්නේ අහම්බෙන් ඒ තමයි මුහුණු පොත හරහා සැරිසරන ඔහු පිළිකා රෝගී දරුවන්ට මුදල් එකතු කරන්න හදපු  youtube channel එක ගැන.

ඇත්තටම මෙහෙම youtube channel එකක් ඔහු විසින් නිර්මාණය කරලා නැහැ. 

මේක ප්‍රචාරය කරන මිනිස්සු කියලා තියෙන්නේ ශෙහාන් මිහිරංග මේ වගේ youtube channel එකක් හදලා ඒ චැනල් එකෙන් ලැබෙන සල්ලි වලින් පිළිකා රෝගී දරුවන්ට උදව් උපකාර කරනවා කියන දේ.

ඉතින් මේක දැකපු ඔහු තමන්ගෙ රසිකයන්ව රවට්ටගෙන වංචා වංචා සහගත විදිහට කටයුතු කරන්න සූදානම් වෙන අයට පාඩමක් විදිහට ඕනි බලු වැඩක් කරලා හම්බකරන් කන්න ඒත් මාව පාවිච්චි කරන්න එපා යනුවෙන් මුහුණ පොතේ සටහනක් එකතු කරනවා.

ඔහු මේ විදිහට එකතු කරපු සටහන සහ එයාකාරයෙන් අසත්‍ය විදිහට ප්‍රචාරය වූ post කීපයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: