hit counter

2024 මැයි මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 20, පෙ.ව. 4:40



අවුරුදු 15ක් වයසැති දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සම්බන්ධයෙන් රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය ඉඟිනියාගල පොලිස් වසමේ පදිංචි තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඉකුත් 14 වෙනිදා රාත්‍රී ඇය මව සමඟ නින්දට ගොස් ඇති අතර රාත්‍රී 12ට පමණ නිවස ඉදිරිපිටින් යතුරුපැදියක් පණගන්වන ශබ්දයක් ඇසී මව අවදිවී බලන විට දියණිය නිවසේ සිට නැහැ.

පසුදින දියණිය විසින් පෙම්වතාගේ නිවසේ ඇයට සිටින්නට නොහැකි බව පවසමින් එස්.එම්.එස් පණිවිඩයක් යවා තිබෙනවා.

ඒ පිළිබඳව මව විසින් කරාඬුගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල ප්‍රදේශයේ නිවසක සිටි දැරිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු නිවසෙන් පළාගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවරගෙන තිබෙනවා.

කරාඬුගල සහ ඉඟිනියාගල පොලිස් ස්ථාන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: