hit counter

2023 ජූනි මස 02 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 5:48



සම්භාහනය සඳහා පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර කළැයි කියන සම්භාහන සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.

සම්භාහනය කරවා ගැනිම සඳහ‍ා තමා උණවටුන මැටරඹ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ බවත් එහි සේවකයකු සම්භාහනය කරමින් සිටියදි ඔහු ඇඟිලි තුඩුවලින් තමාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවරයක් සිදුකල බවත් පවසා 65 හැවිරිදි ජරමානු ජාතික කාන්තාව හබරාදුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ඇය සම්භාහනය කරන ලද ඉමදුව හවපේ ප්‍රදේශයේ පදිංචි 45හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: