2023 සැප්තැම්බර් 10, පෙ.ව. 12:04
 
            
සමහර විට අසභ්‍ය වෙබ් පිටුවක ඔබ දැකපු, ඔබ රහ කර කර බලපු වීඩියෝවක ඈත් ඉන්න ඇති.
මේ මොහොතේ මුලු මුහුණු පොතම සංවේදී කරවපු ඒ කතාව ඔබට කියන ඇය ජීවිතේ ගැන අසීරු තීන්දුවක් ගන්න අමාරුවෙන් සටන් වදිනවා වෙන්න පුළුවන්.
තනි අතකින් කරපු සටන අවසානයේ ඇය තීරණය කරනවා ඇගේ මුහුණ ලෝකයාට නිරාවරණය කරන්න.
ඈ සුන්දරයි කියලා අදහන්න ගත්ත ඔස්ට්‍රේලියාව කියන රටේ දීම ඈ මේ සිදුවීමට මුහුණ පාලා තිබුණා.
‘2016 ජනවාරිවල මම මෙහේ එන්නෙ. ඇවිත් තනියම වැඩ කරලා මගේ දේවල් කරගත්තා. මොකද ගෙදරින් මාව එළියට යවලා නෑ. මෙහේ ඇවිත් තමයි, සමාජය මොකද්ද කියලා දැක්කෙ. 2019 අන්තිම මම පිට්සා කඩේක වැඩ කළා. එතැන වැඩ වැඩියි. ඒ නිසා මට ඔිනි වුණා ඩිලිවරි යන්න. ඉන්දියන් කම්පැනි එකකට ගියා. එතැන කොල්ලෙක් හිටියා. මම දන් නෑ ලංකාවේ කියලා. එයාගේ ලුක් එකත් නිකන් ඉන්දියන් වගේ. මෙයා එකපාරම ඇහුවා ලංකාවේ ද කියලා. මම ඔව් කිවුවා. එයා කිවුවා, මෙතන හරි නෑ මම තැනක් කියන්නම් කියලා. පස්සෙ මගේ නොම්බර් එක ඉල්ලන් මැසේජ් කරන්න ගත්තා… මගේ ජීවිතේ මට කසාදයක් රිලේශන් එකකටත් වඩා මම බලාපොරොත්තු වුණේ මාස්ටර් චෙෆ් කෙනෙක් වෙන එක. මට එයා ගැන වරදක් පෙණුනේ නෑ… මෙයා මට ප්‍රපෝස් කළා. මම කිවුවා අම්මලාගෙන් අහන්න ඔිනි කියලා. ඒ වුණාට මම ඔස්ට්‍රේලියා ආවටත් අම්මලා අකැමැති වුණානේ. මෙයා අම්මලාට කතා කළා. අම්මලටත් හදිස්සියක් තිබුණා, මාව බන්ඳන්න… මම අදටත් කොරෝනා වලට ස්තුති කරනවා, ඒ නිසයි අපේ වෙඩින් එක නොකෙරුණේ. පස්සෙ මෙයාට ඔිනි වුණා මා එක්ක එක වහළක් යටට යන්න…’
මම ආයෙ ඒගොල්ලොන්ගේ මූණ බලයිද දන් නෑ. මගේ අතින් වරදක් වෙන්න ඇති. ඒගොල්ලත් කැමැතත් දුන්නා. හැබැයි මම වරදක් කළේ නෑ….මම ජීවිතේට හිතුණේ නෑ අපි දෙන්නා එක වහලක් යටට ගියාම එයා මේ වගේ පුද්ගලයෙක් කියලා. හරිම මහත්මා ගති පෙන්නුවා මට. මගේ නරක වෙලාවද හොඳ වෙලාවද දන් නෑ. අපි දෙන්නාගේ සෙක්ෂුවල් ලයිෆ් එක සෑහෙන්න වෙනස් වෙලා තිබුණා. මට එන්න එන්න හිරිහැරයක් වෙන්න ගත්තා. එයාට ඔිනි වුණා හැම තිස්සෙම මාව තුවාල කරන්න, ලේ දකින්න. කැමරා හයි කරලා, වීඩියෝ කරලා ඩාර්ක් වෙබ් වලට දාලා විකුණනවා. ඒ වගේ ලොකු ලොකු දේවල් වුණා…සෙක්ෂුවල් ටොයිස්, ක්ලෝත්ස් තියෙන වෙනම තැනක් හැදුවා. එක්තරා දවසක මම එයාගේ ෆෝන් එකේ ගූගල් මැප්ස් බලද්දි පෝර්න් සයිට් එකක් ඔිපන් වුණා. මට ක්ලික් වුණා මේ බෙඩ් ශීට් මම අඳුරනවා කියලා. එයා කරලා තියෙන්නෙ ඒක…සෙක්ස් ක්ලෝත්ස් ගෙනාවම, ඇත්තටම මම හිතුවේ අනේ මේ මා එක්කනේ කියලා. මම හිතුවේ මට ආදරේට කියලා. එයා මා එක්ක ඉන්න ආස ඇති එහෙම කියලා හිතුවේ. ඒත් වීඩියෝ ලීක් කරලා කියලා දැක්කම මම රැවටුණා…’
‘මට රෑ ගැහුවා. ගහලා මගේ ඇහැ ගාව මැහුම් තුනක් දැම්මා. මම කිවුවා පොලිසි යනවා, මේවා අයින් කරන්න කියලා. මාව ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් යන්නෙත් බයෙන්. අත මිරිකගෙන එන්නෙ. ඇයි මම කියයි කියලා දන්නවා… බැරිම තැන පොලිසි යන්න වුණා. ගෙදරින් කෝල් එකක් ආවා. අම්මලට වීඩියෝ එකක් යවලා. රියල් පෝර්න් වීඩියෝ එකක් වගේ. එයා හිරේ ගියත් කොහේ ගියත්… මේ වීඩියෝ තියෙයිනේ.ඇගේ කතාව අවසානය මේක නෙවෙයි. ඒත් මේ කතාව ‘ඈට විතරක්’ අයිති එකකුත් නෙවෙයි. මේ ලෝකෙ ‘සර්ව සාධාරණ’ නෑ. ගොඩක් නෙවෙයි, බොහෝම හෙමින් හිතන්න…..
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25