hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:11



වයස අවුරුදු තුන හමාරක් වූ කුඩා දියණියකට හුස්ම ගැනීම පහසු කරන උපකරණයක් මිලදී ගැනීම සඳහා සහයෝගයක් ලබා දෙන්නැයි තිදරු මවක් ඉල්ලීමක් කර සිටිනවා.

මාතලේ මනන්වත්ත ප්‍රදේශ්යේ පදිංචි ඒ.ජී.ගයානි කෝකිලා අබේසිංහ මහත්මිය දියණියන් තිදෙනෙකුගේ මවක්.

වැඩිමහල් දියණිය සහ දෙවැනි දියණිය පාසල් වියේ පසුවෙයි.

මෙම මවගේ තුන්වෙනි දියණිය වයස අවුරුදු  තුන හමාරක් වූ දියණිය බරපතළ ස්වසන ආබාධයකට ලක්ව සිටිනවා.

මේ වන විට කුලී වැඩක් කර කරගනිමින් ඉතා අපහසුතා මධ්‍යයේ කුඩා කාමරයක ජීවත් වන මෙම පවුල දියණිය වසර  ගණනාවක සිට ජීවත් කරවීම සඳහා මෙම මවත් පියාත් අනේක දුක් කරදර  විඳින බව සඳහන් කරනවා.

රැයක් පහන් වෙද්දී අවස්ථා පහක පමණ මෙම දියණියට යන්ත්‍ර අනුසාරයෙන් ඖෂධ යොදා දුම් ඇල්ලීම සිදු කරන බවත් එසේ නොකරන්නේ නම් ඇයට හුස්ම ගැනීමට නොහැකිව බවද බව සඳහන් කළා.

නිවසේ තබාගෙන හුස්ම අල්ලන් උපකරණය ප්‍රදේශයෙන් මිය ගිය අයෙකුගේ එකක් බවත් ඒ සඳහා ඖෂධය වර්ග දෙකක්  දිනපතා අවශ්‍ය වන බව සඳහන් කරනවා.

තම දියණියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇත්තේ දියණියගේ පෙනහළු හීනි වීම සහ විවිධ සංකූලතා මග හැරෙන තුරු දියණිය  හුස්ම ගැනීමට පහසු කරවීම සිදු කළ යුතු බවයි.

හුස්ම ගැනීම පහසු කරවන යන්ත්‍රයක් මිලදී ගෙන එය දියණිය ජීවත් කරවීම සඳහා වූ උපයෝගී වනු ඇති බව ද වෛද්‍යවරුන් සඳහන් කළේ යැයි පවසයි.

මෙම උපකරණය රුපියල් ලක්ෂ නවයක් පමණ මුදලක් වන බවද ගයානි කෝකිල මහත්මිය සඳහන් කළා.

තමන්ට එවැනි මුදලක් සොයා ගැනීම අපහසු බවත් තම සැමියා කොහේ හෝ සිදු කරන කුකරන කුලීවැඩ කින් රැගෙන එන මුදල අනෙක් දියණියන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම මෙම අසනීප දියණියගේ ප්‍රතිකාර සඳහා වියදම් වන බවයි.

මෙම මවගේ වැඩිමහල් දියණිය දෙදෙනාද හඬා වැටෙමින් කියා සිටියේ තමන්ගේ අධ්‍යාපන ගමනට වඩා තම නැගණියට ද සතුටෙන් ජීවත්වීම සඳහා වසර ගණනාවක් තිස්සේ නිදි නැතිව නැගණිය වෙනුවෙන් කැපකරන අම්මාගේ හිත සුව පිණිසත් මෙම  උපකරණය කවුරුන් හෝ ලබාදෙන්නේ නම් එය තම පවුල්ටම විශාල අස්වැසිල්ලක් වන බවයි.  

මෙම අයගේ ලිපිනය ඒ. ජී.ගයානි කෝකිලා අබේසිංහ, මනන්වත්ත, මාතලේ 

දුරකථන අංකය  0771659641





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: