hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 2:30



සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.

ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.

ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.

ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණා.

තිසුරි යුවනිකා ඇගේ අධ්‍යාපනය සදහා ඇය විදෙස් ගත වෙලයි සිටින්නේ.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් සුසන්තා චන්ද්‍රමාලි කියූ කතාවක් තමයි මේ…


“දෝණි කැමති වුණෙත් නෑ මම එහෙම සටහනක් ෆේස්බුක් දානවට.. අපි මේ සැරෙත් මොනා හරි කරගමු කියන මතයේ මේ අය හිටියේ. එක සැරයකුත් මම අසනීප වෙලා පවුලේ අය උදව් කළානේ. මම කුමරුත් (සැමියා) එක්ක කිව්වේ මේක දෙවැනි වතාවටත් පවුලේ අයට කියන්න බෑ. ඒ නිසා මම මේක කළේ කියල. කියන්න ඕනෙ දෙයක් ඇත්තටම, ලෝකෙම විසිරිලා ඉන්න අය මට උදව් කළා. මම කවදාවත් දුරකතනයෙන් කතා කරලත් නෑ සජිත් මහත්තයට. මහමෙරක් වගේ ඒ උදව්ව.. ඒකට පස්සෙ ගොඩක් අය හිතන්න පුලුවන් සුසන්තාගේ බෙහෙත් ප්‍රශ්නේ හරි හොයන්න ඕනේ නෑ කියලා. අදත් මගේ එකවුන්ට් එකට බැර කරලා තිබුණා. මිනිස්සු ඒක ඔලුවෙන් පැත්තකට කරලා නෑ. සමහර මිනිස්සු කතා කරලා අඬනවා. ඇත්තටම ඒක පෙර පිනක්. ඒක කිමෝ එකකට වඩා ශක්තිමත් බේතක් කියලා මට හිතෙනවා.. කුමරු කියන්නෙත් මමම තමයි. දෝණි දැනන් හිටියා නම් (ඇගේ දියණිය තිසුරි දැන් සැමියා සමඟ සිටින්නෙ විදෙස්ගතවයි..) යන්නෙ නෑ කොහොමත්, එයාල කොයි තරම් ප්ලෑන් හදලද ගියේ.. අනේ සුදු ඔයා යන්න මම නවතින්නම් අම්මා එක්ක කියලා කියයි එයා.. එහෙම කෙනෙක් එයා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: