hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 20, පෙ.ව. 4:34



සුසන්තා චන්ද්‍රමාලි කියන මේ සුන්දර කලාකාරිනිය ගැන ආයේ අමුතුවෙන් හඳුන්වන්න ඕනෙ නැහැ.

මොකද ඕනෑම කෙනෙක් මේ දවස්වල ඇය ගැන වැඩිපුරම කථා කතා කරන නිසා.

ඒකට හේතුව 2020 වර්ෂයේ දී පියවුරු පිළිකා රෝගයකින් පීඩා වින්ඳ ඇය ඒ රෝගය නිට්ටාවටම සුව කර ගත්තත් නැවත වතාවක් මේ අවුරුද්දේ දී ඇය පිළිකා රෝගියෙක් බවට පත්වෙනවා.

ඒ අවාසනාවන්ත සෝචනීය කතාව ඇහුවට පස්සෙ ගොඩක් දෙනෙක් අය වෙනුවෙන් උදව් කරන්න පෙළඹෙනවා.

ඒකට හේතුව ඇයට බෙහෙත් සපයා ගන්න තියෙන අපහසුතාවය.

රට තුළ තියන අර්බුදයත් එක්ක පිළිකා රෝගය සදහා  ප්‍රතිකාර කරන මේ බෙහෙත් වල හිඟතාවයක් තියෙනවා.

ඇය මේ එක එන්නතක් පිටින් ගන්න වනම්  රුපියල් ලක්ෂ 7කට ආසන්න මුදලක්  වැය වෙනවා කියලා තමයි ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ.

ඇත්තටම ඇය කියන විදියට මේ මුදල ඇයටවත් ඇයගේ දියණියට වත් ඇයගේ සැමියාට වත් හිතාගන්නවත් බැරි මුදල.

ඒ නිසාම පසුගිය දවසක ක්ෂේත්රයේ දක්ෂ නිරූපිකාවක් වන  පියුමි හංසමාලි ඇයට ඉතුරු සල්ලි ටික දෙන්න ඉදිරිපත් වුණා.

හැබැයි පියුමි චෝදනා කරලා තිබ්බ ඇය දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ කියලා.

පියුමි සුසන්තා චන්ද්‍රමාලි මහත්මියව කීප සැරයක්ම සම්බන්ධ කරගන්න උත්සාහ කළත් ඇයව සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබිලා නෑ කියලත් ඇය සඳහන් කළා.

ඊට පස්සේ විපක්ෂ නායකතුමා ඇය වෙනුවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වීමත් සමඟ පියුමි නැවත වතාවක් සුසන්තා චන්ද්‍රමාලි වෙනුවෙන් සැර ප්‍රකාශයක් කරලා තිබ්බා.

ඉතින් ඒ දේවල් එක්ක කලකිරුණු සුසන්තා මහත්මිය පසුගිය දවසක එක්තරා යූටියුබ් වැඩසටහනකට සම්බන්ධ වෙලා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

හැබැයි ඇය කිව්වා එවැනි ප්‍රකාශයක් නිකුත් කරපු ඇයගෙ නම වත්  කියන්නැතුව අපි මේ ගැන කථා කරමු කියලා.

ඒ අවස්ථාවේදී ඒ සිදුවීම සම්බන්ධයෙන් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කිව්වේ මේ වගේ කතාවක්.

“ඇත්තටම මට එයාට ඒ දරුවා කියලා කියන්න පුළුවන් මොකද එයත් මගේ ළමයගේ වයස නිසා.ඇත්තටම මේ දරුවා මොන අදහසකින් එහෙම කිව්වද දන්නේ නැහැ.එයා කවදාවත් මට නම් දුරකථන ඇමතුමක් දුන්නෙත් නැහැ.මම එයා කවදාවත් පෞද්ගලිකව දැකලත් නෑ හම්බ වෙලත් නෑ.මට දුක හිතුනා මම වගේ කෙනෙක්ට එහෙම කියපු එකට.මම ක්ෂේත්‍රයේදී වත් කවදාවත් කෙනෙක්ගෙන් වචනයක් අහපු නැති කෙනෙක්.මගේ දරුවත් එහෙමයි.අපි මහා ලොකු සල්ලිකාරයෝ නොවුනට කාන්තාවක් තුළ තියෙන්න ඕනි ඒ අභිමානය අපේ තුළ තියෙනවා.අනේ ඒකටනම් හානි කරන්න එපා කවුරුත්.ඔයාලගේ දේවල් ඔයාලා කරගෙන යන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: