hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 මාර්තු 21, පෙ.ව. 3:25



අපේ කලා ලෝකය තුළ ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් තමයි තිසුරි යුවනිකා කියන්නේ.

මේ දවස්වල වැඩි වශයෙන්ම තිසුරිගේ ආදරණීය අම්මා ගැන එහෙමත් නැත්නම් දක්ෂ රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ දෑ පල වෙනවා.

ඒකට මූලිකම හේතුව ඇය 2020 වර්ෂයේ දී පියයුරු පිළිකා රෝගියෙක් කියලා හඳුනා ගන්නවා.

එතැන් පටන් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත ප්‍රතිකාර ලබාගන්නා සුසන්තා චන්ද්‍රමාලී මහත්මිය නැවත වතාවක් පසුගිය දින ආයෙමත් මේ පිළිකාවට මුහුණ දීලා කියලා වෛද්‍යවරු තීරණය කරනවා ඒ වෛද්‍ය පරීක්ෂණ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට.

ඉතින් රට තුළ පවතින වර්තමාන තත්ත්වයත් එක්ක ඇයට බෙහෙත් ඖෂධ හොයා ගන්න අපහසුයි.

ඒ නිසා පසුගිය දවසක විපක්ෂ නායකවරයා ඇය වෙනුවෙන් අවශ්‍ය කරන සියළුම බෙහෙත් ඖෂධ ලබා දුන්නා.

නැවත වතාවක් පිළිකා රෝගයට මුහුණ දීපු ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් අරන්.

ඒ වගේම තමයි පළමුවරට පිළිකා රෝගය වැළඳුනාට පස්සේ  ඇය ලඟම ඉඳගෙන සාත්තු සප්පායම් කරලා තියෙන්නේ එකම දියණිය වන තිසුරි යුවනිකා.

ඇය කවදාවත් අම්මා ඉස්සරහ දුක් වෙලා නෑ අම්මට හයියක් වෙච්ච තිසුරි ඒ අතීතය ගැන එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙලා කිව්වේ මේ වගේ කතාවක්.

“අම්මගේ කොන්ඩ යද්දි පොඩි දුකක් ආවා.අම්මා නාල ඉවර උනාට පස්සේ කොන්ඩෙ පීරන්නේ මම.මම කොන්ඩේ අහුරු අහුරු යනවා හැබැහින් දැක්කා.කොන්ඩේ යද්දි අම්මා එක දවසක් ඇඬුවා. ඉතින් මට ඒක ලොකු shock එකක් වුණා.හැබැයි මම එයා ඉස්සරහා අඩලා නැහැ. මම හස්බන්ට කතා කරලා තමයි ඇඬුවේ.ඉතින් කොච්චරවත් කොණ්ඩයා අහුරු අහුරු යන එක ලොකු දුකක්.මොකද එයා ලස්සනට හිටියා.ඊට පස්සේ අපි කිව්වා බ්‍රෙස්ට් එක අයින් කරනවා නම් අම්මගේ අයින් කරන්න අම්මා ඉන්න ඕනේ කියන තැන තමයි අපි හිටියේ. පෙනුම ලබාගන්න පුළුවන් ආයෙ.හැබැයි ජීවිතයක් ආයෙ ගන්න බෑ.කරන්න පුළුවන් පුළුවන් treatments ඔක්කොම ඒ විදිහට ගන්න”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: