hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 23, පෙ.ව. 3:21



සුසන්තා චන්ද්‍රමාලි මේ වන විට පිළිකාමය රෝගී තත්වයෙන් පසු වන බව ඒෂියන් මිරර් අපි ඔබට කිව්වා මතක ඇති.

ඇයට උදව් ඉල්ලා ඇය සිය මුහුණු පොතේ සටහනක් ද තබා තිබුණා.

ඇයට උදව් කිරීමට රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි ඉදිරිපත් වුණා.

පියුමි හංසමාලි සුසන්තා චන්ද්‍රමාලිට කීපවතාවක් දුරකථන ඇමතුම් දුන්නද ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බව පියුමි කියා සිටියා.

ඒ අතරවාරයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණා.

තිසුරි යුවනිකා ඇගේ අධ්‍යාපනය සදහා ඇය විදෙස් ගත වෙලයි සිටින්නේ.

ඉතින් සමාජ මාධ්‍ය වගේම කලා ලොවේ බොහෝ දෙනාද ඇගේ මේ තත්වය ගැන මේ වන විට කතා කරනවා.

ඉතින් කාටවත් කරදර නොකර මේ ප්‍රශ්නය විසදගන්න හැදුවත් එය කරන්න බැරි වුණු නිසා සුසන්තා චන්ද්‍රමාලී ඇගේ මුහුණු පොතේ සටහනක් පළ කලා.

ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” 2023 වසර උදා වෙනවත් එක්ක මම ආයෙත් අසනීප වුනා කියලා අහන්න ලැබුණා. මේ වෙනකොටත් මම ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඉතින් ඒකට යන වියදම දරාගන්න බැරි නිසා මම ෆේස් බුක් එකේ සටහන දාන්න හැදුවේ. ඊට පස්සේ මගේ දුවයි හස්බනුයි දෙන්නම එපා කිව්වා ෆේස්බුක් එකේ දාන්න. මම ඒ දෙන්නට නොකියා තමයි දැම්මේ. දාලා විනාඩි දහයක් ගියේ නෑ. හැමෝම මට කතා කලා. මම හිතුවා මට ආදරය කරන පිරිසක් ඉන්නවනේ කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: