hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 04, පෙ.ව. 5:50


WhatsApp
Telegram

ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කරවීමට යැයි පවසා දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් රැගෙන වංචාකළ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියම කළා.

ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සැකකාර ගුරුවරියක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සැකකාරිය සේවය කරන බව පොලිසිය පවසනවා.

ගුරු වෘත්තියේ නිරත සැකකාරිය එම ජාත්‍යන්තර පාසලේ දරුවන්ව ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කළ හැකි බව දෙමාපියන්ට පවසා තිබෙනවා.

ඊට අවශ්‍ය ලිපි ලේඛන සෑදීම සඳහා යැයි පවසමින් සැකකාරිය දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බව අධිකරණයේදී සඳහන් වුණා.

සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට දෙමාපියන් වරින් වර මුදල් බැර කළද දරුවන්ව විදේශ ගත කිරීමට සැකකාරිය උනන්දුවක් නොදක්වා මුදල් වංචාකර ඇති බව පොලිසිය සඳහන් කළා.

දෙමව්පියන් සිව්දෙනකු කළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මෙම පැමිණිලිකරුවන් සිව්දෙනාගෙන් පමණක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් සැකකාරිය වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පැවසුවා.

පරීක්ෂණ අවසන් නොමැති බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිනි පො.ප. ප්‍රියදර්ශනී සේනාරත්න නිලධාරිනිය අධිකරණය හමුවේ පවසා සිටියා.

ගම්පහ මූලස්ථාන ප්‍ර.පො.ප. මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: