hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:03



විදුහල්පතිවරයා සමග අනියම් ඇසුරක් පවත්වමින් පාසලේ පාලනය සියතට ගත් බව පැවසෙන කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකට කුණු බිත්තර ගසා නෙරපා හැරීමට එම පාසලේ සිසුන්ගේ දෙමාපියෝ ඊයේ (13) උත්සාහ කළා.

එම අවස්ථාවේදී පාසලේ ගුරුවරු පිරිසක් අදාළ ගුරුවරිය ආරක්ෂාකාරීව පිටත්කර හැරියා.

එම ගුරුවරිය වසර කිහිපයක් මෙම විදුහලේ සේවය කර ඇති අතර, විනය හේතුන් මත කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් පාසලකට ඇයට ස්ථාන මාරුවක් ලැබී තිබිණි.

එම පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පෙරේදා (12) වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර, අදාළ ගුරුවරිය ද එම උත්සවයට සහභාගී වීම සඳහා පැමිණ ඇත.

එම අවස්ථාවේදී දෙමාපියන් පිරිසක් ඇයට කුණු බිත්තර ගසා පන්නා දැමීමට උත්සහා දරා තිබෙනවා.

මෙම පාසලේ විදුහල්පතිවරයා කටයුතු කරන්නේ ද එම ගුරුවරියගේ තීන්දු තීරණ මත බවට දෙමාපියෝ චෝදනා කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: