2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:22
පොළොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබා තිබෙනවා.
ඒ, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙනි.
මහනුවර නලින් ද සොයිසාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී තිබෙනවා.
මෙම මුල්ගල තැබීම සර්ව ආගමික චාරිත්‍රවලට අනතුරුව ආරම්භ කිරීම විශේෂත්වයක් වුණා.
බෞද්ධ චෛත්‍යක් අසල ම හින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ලෝකයට ම ආගමික සංහිදියාවේ පණිවිඩය රැගෙන යන බව උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උප ලේකම් ශ්‍රිව සී කේ දයානන්දන් පූජකතුමා පෙන්වා දෙනවා.
මෙය අප රටේ අන්තවාදීන්ට කනේ පහරක් බවත්, මෙය ආදර්ශයට ගෙන සෙසු පළාත්වල ජාතීන්, ආගම්, එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බවත්, මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවත් දයානන්දන් පූජකතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26