hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 29, පෙ.ව. 8:52



මෑත කාලයේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහි වූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ.

මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යයේ කැතරින් ලෙසින් ඇය අපේ ආලින්දයට එනවා.

ඇය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා

තිරයේ වගේම සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය තරින්දි නිතර කතාබහට ලක්වන තරු අතරෙ උඩින්ම ඉන්නවා.

ඈ රංගනයේ යෙදෙන කවර නිර්මාණය වුව මෙරට ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත්තා සේම ඔවුන් අතර නිරායාසයෙන්ම කතාබහට ද ලක්වුණා.

ඊට දිය හැකි ආසන්නතම උදාහරණය ‘My Red Comrade’

තරින්දි එහි විශිෂ්ට රංගනයක නියැලෙනවා.

ජනප්‍රියත්වයේ ඉහළම තලයක සිටියදී එවන් චරිත තෝරාගැනීමක් ගැන තමාට දැනෙන දේ පසුගිය දවසක ඈ මෙයාකාරයෙන් වචන කර තිබුණා.

”බයක් කියලා කියන්න බැහැ. නමුත් පොඩි සැකයක් තිබුණා, මොකද තරින්දි කියලා කියන්නේ අභියෝග සමග ඉදිරියට යන්න කැමැති චරිතයක්. මම මේ වනතෙක් ආපු ගමන තුළ හැමදේම සාර්ථකව සිදුකර ගත්තේ අභියෝගත් එක්ක තමයි. ඇත්තටම අභියෝගයක්, කුතුහලයක්, බයක් නැතිනම් අපේ මේ ගමනේ කිසිම රහක් නැහැ. ඉතින් අභියෝගයත් එක්ක යන ගමන තමයි රස. මට මුලින්ම ඒ දර්ශනය දැකලා පොඩි බයක් ආවා. ගොඩක් අය ඉක්මනින් ජනප්‍රිය වෙන්න නෙගටිව් මාර්කටින් තෝරා ගන්නවා. කියන්නන්වාලේ වාගේ අභියෝග භාර ගන්නවා තමන් පොරක් කියලා පෙන්වන්න ඕනෑ නිසා. නමුත් මම අභියෝග භාරගන්නේ මගේ ප්‍රතිපත්ති රාමුව ඇතුළේ ලැබෙන චරිත පමණයි. මම චරිතාංග නිළියක් වුණාට සමස්තයක් විදිහට මුලින්ම මම ගැහැනියක්. ගැහැනියක් විදිහට මම මගේ සීමාමායිම් වලින් ඔබ්බට නොගිය දර්ශනයක් තමයි මේ චිත්‍රපටය ඇතුළේ තිබුණේ. මේ චිත්‍රපටයෙන් කතාබහ වෙන දර්ශනය සහ ගැඹුරු බව හින්දා ඒ දර්ශනය කතා නොකළ යුතු පුංචි දර්ශනයක්. ඒකට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ලොකු පණිවුඩයක් මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයාට ලබාදෙනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: