2023 අප්‍රේල් 28, පෙ.ව. 4:16
ගම්පොළ සිට ගලගොඩට යෑම සඳහා බදුල්ල දුම්රියට ගොඩ වූ ස්වාමින් වහන්සේ නමකට එහි සිටි කිසිවෙකු ආසනයක් නොදීම සම්බන්ධයෙන් එම හිමි නම තැබූ සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහ ලක් වෙනවා.
එහි දැක්වෙන්නේ තම සොහොයුරා සමග ගමන් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන් බවයි.
ගමන් කරන ස්ථානය පිළිබඳ එක් කාන්තාවක් විමසීමක් කළ ද කිසිවකු තමන්ට අසුනක් පිරිනැමීමට ඉදිරිපත් නොවූ බවයි උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ.
මේ හේතුවෙන් කිලෝමීටර 38 ක පමණ දුරක් සිටගෙන ගමන් කිරීමට සිදු වූ අතර තම දෑසට ඉනූ කඳුළු යටපත් කරමින් සිහිපත් කළේ මෙරට ජනතාවගේ සදාචාරය පිළිබඳව බව මෙම ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා.
යළිත් ගම්පොල දක්ව පැමිණීමේදී ද දුම්රියෙන් ගමන් කළ අතර එහිදී දුම්රිය මැදට නොගොස් එම සම්පූර්ණ ගමන දුම්රියේ දොරටුව අසල සිටගෙන පැමිණි බවයි උන්වහන්සේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනේ දැක්වෙන්නේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26