hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 3:25



රුපියල් බිලියන 04කට අධික මූල්‍ය වංචා සම්බන්ධයෙන් මාස 03කට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි තිකෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂිකා තිළිණි ප්‍රියමාලි කියන්නෙ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සෙ දැඩි කතාබහට ලක්වුණු චරිතයක්.

ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවටයි ඇයට චෝදනා එල්ල වූයේ.

ඒ අතරවාරයේ ඇයගේ කියන හඬපට කිහිපයකුත් සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වන්නට වුණා.

පසුව ඇය යූටියුබ් නාලිකා කිහිපයකටත් සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා.

“දියණියන් දෙන්නෙක් කියන්නෙ අම්මෙකුට ළඟ චරිත. මම නම් චූටි කාලේ නොලැබිච්ච දේ දරුවන්ට දෙනවා. එක දියණියක් නම් මම ළඟ නෙවේ ඉන්නෙ. මගේ දූ සිඟිත්ති අවුරුදු 14යි. එයා බත් අනලා මට කවනවා. මගේ සුරංඟනාවිගෙන් ඒ විදිහේ දෙයක් ලබද්දි හරි සතුටුයි.ඇය නියුමි.පුතායි.තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුට දාව.මේවා ආන්දෝලනාත්මක වෙන්න ඉඩ තියනවා.මේවා මොන විදිහට අර්ථකතනය කළත් මට අදාළ නෑ.මගේ දරුවා ලැබෙන්නෙ මගේ බඩට නම් මම කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ. මම දන් නෑ තාත්තෙකුට කොච්චර කොන්ද පණ තියනවද කියලා දරුවෙක් ගැන බලාගන්න. නමුත් අම්මෙක් හැටියට මම දරුවෝ මේ ලෝකෙට හදලා තියනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: