hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මැයි 01, පෙ.ව. 12:05



තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්.

ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු වුණා.

ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා.

ඔබට බොඩිගාඩ්ල්ස්ලා ඉන්න එකත් ලොකු කතාබහකට ලක්වුණා. ඇත්තටම ඇයි බොඩිගාර්ඩ්ස්ලා ?

“බොඩිගාඩ්ල්ස්ලා හතරක් මට හිටියා. ඒක ඇත්ත.. සමහර තැන්වල බයක් තිබ්බා. හැබැයි මම බය නැති කෙනෙක්. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. අන්න ඒකයි බය… මට මොකක් හරි හානියක් සිද්ධ වුණොත් දරුවන්ට මොකද වෙන්නෙ…. අදටත් තියනවා තර්ජන.. මම විශ්වාස කරන එක දෙයක් තමයි මරන කොටන අය දුරකතන ඇමතුම් දෙන් නෑ. ඇසිඩ් ගහනවා කියලත් කිවුවා..”

මොනාද එහෙම කියන්න හේතු ?

“ප්‍රේම සම්බන්ධතා දුර දිග ගිහින් බොහෝම අමාරුවෙන් නැති කරපු තැන් තිබ්බා. එහෙම එකම පුද්ගලයෙක්ගෙන් අයින් වෙන්න අමාරු වුණා. අයින් වුණාට පස්සෙ ගැටලු ඇතිවුණා. ඒ ආරක්ෂාවට කියලා බොඩිගාඩ්ල්ස්ලා ගත්තම ඒක පහසු අමුතු වුණා. ඇත්ත කතාව ඒක…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: